Millat al-Islam

Chapter 80 · 42 verses · Naseem Ismail And Masoor Maulana, Kaleel

Surah Abasa in Sinhala

Arabic with tafsir Listen to Surah Abasa (1306 reciters)
Meccanسورة عبس42 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

عَبَسَ وَتَوَلَّىٰٓ ١(අපගේ නබිවරයා වන) ඔහු කෝපයෙන් වෙව්ලූවේය. ප්‍රතික්ෂේප කළේය. (කුමක් සඳහාද) أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ ٢තමන් වෙත එක් අන්ධයෙකු පැමිණි නිසාය وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ ٣(නබියේ! ඔබ වෙත පැමිණි) ඔහු, පරිශුද්ධවන්තයෙකු බවට පත් විය හැකිය යන්න ඔබ දන්නෙහිද أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ ٤නැතහොත් (ඔබගේ හොඳ ඔවදන) ඔහු සිතා, හොඳ ඔවදන මගින් ඔහු ප්‍රයෝජනයක් අත් කර ගත හැකිය යන්න ඔබ දන්නෙහිද أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ ٥(එසේ තිබියදී ඔහුව ඔබ කුමක් නිසා කෝපයෙන් වෙව්ලා ප්‍රතික්ෂේප කළෙහිද? නබියේ! ධර්මය) කවුරුන් නොසළකා හරින්නේද فَأَنتَ لَهُۥ تَصَدَّىٰ ٦ඔහු දෙසටම ඔබගේ අවධානය යොමු කරන්නෙහිය وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ ٧ඔහු පරිශුද්ධවන්තයෙකු බවට පත් නොවුවහොත් ඒ ගැන ඔබ කෙරෙහි කිසිම වැරැද්දක් නැත (නොවෙද) وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ ٨කවුරුන් (තමන් විසින්ම) ඔබ වෙත දිව එන්නේද وَهُوَ يَخۡشَىٰ ٩ඔහුම (අල්ලාහ්ට) බිය වන්නෙකි فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ ١٠එහෙත් ඔබ ඔහුව නොසලකා හරින්නෙහිය كـَلَّآ إِنَّهَا تَذۡكِرَةٌ ١١එසේ කිරීම හොඳක් නොව. (ශුද්ධ වූ කුර්ආනය වන) මෙය ඇත්තෙන්ම හොඳ ඔවදනකි فَمَن شَآءَ ذَكَرَهُۥ ١٢කවුරුන් (ඍජු මාර්ගයෙහි යාමට) කැමති වන්නේද, ඔහු මෙයට (සවන් දී) මතකයේ තබා ගන්නේය فِي صُحُفٍ مُّكَرَّمَةٍ ١٣මෙම අල්කුර්ආනය ඉතාමත් ගෞරවණීය පුස්තකයකි مَّرۡفُوعَةٍ مُّطَهَّرَةِۭ ١٤ඉතාමත් ශ්‍රේෂ්ඨය, පරිශුද්ධය (ලව්හුල් මහ්ෆූල් නමැති) بِأَيۡدِي سَفَرَةٍ ١٥ඉතාමත් ගෞරවණීය හොඳ අය වන ලියන්නන්ගේ අත්වලින් (ලියන ලදී) كِرَامِۭ بَرَرَةٍ ١٦ඔවුහු ගෞරවාන්විතය පිරිසිදුය قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ ١٧(පාපයන් කරන) මිනිසාට විනාශයයි! ඔහු කොපමණ කෙළෙහිගුණ නොදන්නෙකු වශයෙන් සිටින්නේද مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ ١٨කුමක් මගින් ඔහුව උත්පාදනය කරනු ලැබ ඇත්තේද (යන්න ඔහු අවධානය කළෙහිද) مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ ١٩එක් ඉන්ද්‍රිය බිඳක් මගින්ම ඔහුව උත්පාදනය කර, (ඔහු සිටින මේ ආකාරයටම, ඔහුව මිනිසා වශයෙන් නිර්මාණය කර), ඔහුව සැලසුම් කළේය ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ ٢٠පසුව ඔහු (කරනු ලබන පව් පින්වලට අයත්) මාර්ගය ඔහුට පහසු කර තැබුවේය ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ ٢١පසුව ඔහුව මරණයට පත් වීමට සලස්වා, සොහොනෙහි ඔහුව ඇතුළු කර හරින්නේය ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ ٢٢පසුව ඔහු කැමති අවස්ථාවක (පණ දී) ඔහුව නැගිට්ටවන්නේය كـَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ ٢٣එහෙත් නියත වශයෙන්ම ඔහු, ඔහුගේ නියෝගයන් ඉටු කරන්නේ නැත فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ ٢٤තවද මිනිසා තමන්ගේ ආහාරය, (එය කොහි සිට, කෙසේ නම් පැමිණෙන්නේද යන්න පොඩියක්) අවධානය කර බැලිය යුතුය أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبًّا ٢٥නියත වශයෙන්ම අපිම බොහෝ ජලය වසින්නට සලස්වා ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقًّا ٢٦පසුව භූමියද, පුපුරා (පැළෙන්නට සලස්වා) فَأَنۢبَتۡنَا فِيهَا حَبًّا ٢٧පසුව එයින් බීජයන් පැළවී වැඩෙන්නට සලස්වන්නෙමු وَعِنَبًا وَقَضۡبًا ٢٨(මෙසේ) මිදි (පලතුරු) ද (වෙනත්) එළවළුද وَزَيۡتُونًا وَنَخۡلًا ٢٩සෙයිතූන් (ඔලිව්)ද, ඉඳිද وَحَدَآئِقَ غُلۡبًا ٣٠ඝනට වැඩුණු අතුවලින් පිරි වතුද وَفَٰكِهَةً وَأَبًّا ٣١පලතුරු වර්ගද, තණ, ගස්වැල් ආදියද مَّتَٰعًا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ ٣٢ඔබටද ඔබගේ සතුන්ටද, ප්‍රයෝජනවත් වන සේ ඉකුත් කරන්නෙමු فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ ٣٣(යුග අවසන් වන විට) කණ් බිහිර වන තරමට (භයානක) ශබ්දයක් ඇති වන්නේ නම් يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ ٣٤එදිනදී මිනිසා (තිගැස්සී) තම සහෝදරයාගෙන්ද وَأُمِّهِۦ وَأَبِيهِ ٣٥තම මවගෙන්ද, තම පියාගෙන්ද وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ ٣٦තම භාර්යයාවගෙන්ද, තම දරුවන්ගෙන්ද ඈත් වී වේගයෙන් දුවන්නේය لِكُلِّ ٱمۡرِيٍٕ مِّنۡهُمۡ يَوۡمَئِذٍ شَأۡنٌ يُغۡنِيهِ ٣٧එදිනදී ඔවුන්ගෙන් සෑම මිනිසෙකුටම අන් අයව සලකන්නට නොහැකි තත්වයක් ඇති වනු ඇත وُجُوهٌ يَوۡمَئِذٍ مُّسۡفِرَةٌ ٣٨(එහෙත්) එදිනදී සමහර මුහුණු අලෝකමත්ව ඇති ඒවා වශයෙන්ද ضَاحِكَةٌ مُّسۡتَبۡشِرَةٌ ٣٩සන්තෝෂයෙන් සිනහමුසු ඒවා වශයෙන්ද ඇත وَوُجُوهٌ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةٌ ٤٠එදිනදී වෙනත් සමහර මුහුණු මත දූවිලි වැදී තිඛෙණු ඇත تَرۡهَقُهَا قَتَرَةٌ ٤١(ශෝකයෙන්) අන්ධකාර වී තිඛෙණු ඇත أُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ ٤٢මොවුන්ම (විනිශ්චය දිනය) ප්‍රතික්ෂේප කර, පාපයන් කරන්නන්ය

Translation: Naseem Ismail And Masoor Maulana, Kaleel.