Millat al-Islam

Chapter 97 · 5 verses · Naseem Ismail And Masoor Maulana, Kaleel

Surah Al-Qadr in Sinhala

Arabic with tafsir Listen to Surah Al-Qadr (1300 reciters)
Meccanسورة القدر5 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةِ ٱلۡقَدۡرِ ١නියත වශයෙන්ම අපි මෙය (මෙම කුර්ආනය ඉතාමත් ගෞරවයෙන් පිරි) ලෙයිලතුල් කද්ර් නමැති එක් රාත්‍රියකදී (පළමුවෙන්ම) පහළ කර තැබුවෙමු وَمَآ أَدۡرَىٰكَ مَا لَيۡلَةُ ٱلۡقَدۡرِ ٢(නබියේ!) එම ගෞරවයෙන් පිරි රාත්‍රියේ (මහිමය) ඔබ දන්නෙහිද لَيۡلَةُ ٱلۡقَدۡرِ خَيۡرٌ مِّنۡ أَلۡفِ شَهۡرٍ ٣ගෞරවයෙන් පිරි එම රාත්‍රිය මාසයන් දහසකට වඩා ඉතාමත් උසස් වන්නේය تَنَزَّلُ ٱلۡمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذۡنِ رَبِّهِم مِّن كُلِّ أَمۡرٍ ٤එහි මලායිකාවරුන්ද, (ජිබ්රීල් වන පරිශුද්ධ) ආත්මයද, තම දෙවියන්ගේ නියෝගයට අනුව (සිදු විය යුතු) සියලූ කාරණාවන් සමග පහළ වන්නාහ سَلَٰمٌ هِيَ حَتَّىٰ مَطۡلَعِ ٱلۡفَجۡرِ ٥ශාන්තිය හා සමාදානය සමග- (එම රාත්‍රිය) අළුයම් කාලය උදා වන තුරුය

Translation: Naseem Ismail And Masoor Maulana, Kaleel.