ملة الإسلام

السورة 89 · 30 آية · Naseem Ismail And Masoor Maulana, Kaleel

سورة الفجر باللغة السنهالية

السورة بالعربية مع التفسير استمع إلى سورة الفجر (1,345 قارئاً)
مكيةسورة الفجر٣٠ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلۡفَجۡرِ ١අළුයම් කාලය මතද وَلَيَالٍ عَشۡرٍ ٢රාත්‍රීන් දහයක් මතද وَٱلشَّفۡعِ وَٱلۡوَتۡرِ ٣ඔත්තේ ඉරත්තේ (සලාතයන්) මතද وَٱلَّيۡلِ إِذَا يَسۡرِ ٤ගමන් ගන්නා රාත්‍රිය මතද, සත්තකින්ම! (ප්‍රශ්න ගණනය කරන දිනය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය) هَلۡ فِي ذَٰلِكَ قَسَمٌ لِّذِي حِجۡرٍ ٥මෙහි බුද්ධිය ඇති අයට (විශ්වාසය ලබා දිය හැකි) විශාල සත්‍යයක් ඇත්තේය නොවෙද أَلَمۡ تَرَ كَيۡفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ٦(නබියේ!) ආද් ජනයාව ඔබගේ දෙවියන් කෙසේ නම් (දඬුවම්) කළේද යන්න ඔබ අවධානය කළේ නැද්ද إِرَمَ ذَاتِ ٱلۡعِمَادِ ٧උස් වූ කුළුණු වලින් යුත් ඉරම් වාසීන්ය ٱلَّتِي لَمۡ يُخۡلَقۡ مِثۡلُهَا فِي ٱلۡبِلَٰدِ ٨ඔවුන් වැනි (ශක්තිවන්තයින් ලොවෙහි ඇති) නගරයන්හි (කිසි තැනක) උත්පාදනය කරනු ලැබුවේ නැත وَثَمُودَ ٱلَّذِينَ جَابُواْ ٱلصَّخۡرَ بِٱلۡوَادِ ٩එහෙත් සමූද් නමැති ජනයාව (ඔබගේ දෙවියන් කෙසේ නම් දඬුවම් කළේද යන්න ඔබ අවධානය කළේ නැද්ද?) මොවුන් කඳු පාවුලෙහි ගල් පර්වත හාරා (එහි වාසය කරමින්) සිටියහ وَفِرۡعَوۡنَ ذِي ٱلۡأَوۡتَادِ ١٠එහෙත් සේනාංකයන් හිමි ෆිර්අව්න්ව (ඔබගේ දෙවියන් කෙසේ නම් දඬුවම් කළේද යන්න ඔබ අවධානය කළේ නැද්ද) ٱلَّذِينَ طَغَوۡاْ فِي ٱلۡبِلَٰدِ ١١මොවුන් සියල්ලන්ම භූමියෙහි සීමාව ඉක්මවාම කටයුතු කළහ فَأَكۡثَرُواْ فِيهَا ٱلۡفَسَادَ ١٢එහිදී ඔවුන් ඉතාමත් අධික වශයෙන්ම අපරාධ කරමින්ම සිටියහ فَصَبَّ عَلَيۡهِمۡ رَبُّكَ سَوۡطَ عَذَابٍ ١٣එබැවින් ඔබගේ දෙවියන් ඔවුන් කෙරෙහි දඬුවමේ කසයන් මගින් (පහරක් මත පහරක් වශයෙන්) පහර දුන්නේය إِنَّ رَبَّكَ لَبِٱلۡمِرۡصَادِ ١٤නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (මෙම පාපතරයින්ගේ පැමිණීම) බලාපොරොත්තුවෙන්ම සිටින්නේය فَأَمَّا ٱلۡإِنسَٰنُ إِذَا مَا ٱبۡتَلَىٰهُ رَبُّهُۥ فَأَكۡرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّيٓ أَكۡرَمَنِ ١٥එබැවින් මිනිසාව ඔහුගේ දෙවියන් පිරික්සුමට ලක් කර, ඔහුට දයාව පහළ කර, ඔහුව උසස් කළහොත් ‘මගේ දෙවියන් මාව ගෞරව කළේය’ යයි (ආඩම්බරයෙන්) පවසන්නේය وَأَمَّآ إِذَا مَا ٱبۡتَلَىٰهُ فَقَدَرَ عَلَيۡهِ رِزۡقَهُۥ فَيَقُولُ رَبِّيٓ أَهَٰنَنِ ١٦එහෙත් (දෙවියන්) ඔහුව පිරික්සුමට ලක් කර, ඔහුගේ වස්තුව ඔහුට අඩු කර හැරියහොත් ‘මගේ දෙවියන් මාව අවමන් කර හැරියේය’ යයි (ෙදාස්) කියන්නේය كـَلَّاۖ بَل لَّا تُكۡرِمُونَ ٱلۡيَتِيمَ ١٧(කාරණාව නම්) එසේ නොව. ඔබ අනාථයින්ව ගෞරව කළේද නැත وَلَا تَحَٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ ١٨(ඔබ) දුප්පතුන්ට ආහාර (සැපයූවේද නැති අතර වෙන කිසිවෙකුත්) ලබා දෙන මෙන් පෙළඹුවේද නැත وَتَأۡكُلُونَ ٱلتُّرَاثَ أَكۡلًا لَّمًّا ١٩(අන් අයට) උරුම වූ වස්තුවද අධික තන්හාවෙන් (උදුරාගෙන) ගිල දමන්නෙහුය وَتُحِبُّونَ ٱلۡمَالَ حُبًّا جَمًّا ٢٠ඔබ ඉතාමත් සීමාව ඉක්මවා ගිය තරමට වස්තුවට ආශා කරන්නෙහුය كـَلَّآۖ إِذَا دُكَّتِ ٱلۡأَرۡضُ دَكًّا دَكًّا ٢١එබැවින් භූමිය කුඩේ කුඩු කර (දූවිලි) බවට තලා දමනු ලබන අවස්ථාවේදී وَجَآءَ رَبُّكَ وَٱلۡمَلَكُ صَفًّا صَفًّا ٢٢ඔබගේ දෙවියන්ද පැමිණෙනු ඇත. මලායිකාවරුන්ද කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත وَجِاْيٓءَ يَوۡمَئِذِۭ بِجَهَنَّمَۚ يَوۡمَئِذٍ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكۡرَىٰ ٢٣(පාපතරයින් වෙනුවෙන්) නිරය ගෙන එනු ලබන එදිනදී මිනිසාට හොඳ බුද්ධිය උදා වනු ඇත. එහෙත් ඒ අවස්ථාවේදී (උදා වන) බුද්ධියෙන් ඔහුට කුමන ප්‍රයෝජනයක්ද يَقُولُ يَٰلَيۡتَنِي قَدَّمۡتُ لِحَيَاتِي ٢٤“මගේ (පරලොව) ජීවිතය වෙනුවෙන් මා පින් ඇති දැය කර යවා තිබිය යුතු නොවේද!” යයි ප්‍රලාප ෙදාඩවනු ඇත فَيَوۡمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٌ ٢٥එදිනදී (පාපතරයින්ව) ඔහු කරන දඬුවම මෙන් වෙන කිසිවෙකුත් (කිසිවෙකුටත්) කරන්නේ නැත. (එතරම් දරුණු ලෙස ඔහු දඬුවම් කරන්නේය) وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٌ ٢٦(පාපතරයින්ව) ඔහු බැඳ දමන්නාක් මෙන් (තදින්) වෙන කිසිවෙකුත් බඳින්නේද නැත. (එතරම් තදින් ඔහු බඳිනු ඇත) يَٰٓأَيَّتُهَا ٱلنَّفۡسُ ٱلۡمُطۡمَئِنَّةُ ٢٧(එහෙත් එදිනදී හොඳ වහලූන්ට) “ඕ තෘප්තියට පත් ආත්මය ٱرۡجِعِيٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرۡضِيَّةً ٢٨ඔබ, ඔබගේ දෙවියන් දෙසට යනු! ඔහු මඟින් ඔබ තෘප්තියට පත් වනු! ඔබ ගැන ඔහු තෘප්තියට පත් වී ඇත්තේය فَٱدۡخُلِي فِي عِبَٰدِي ٢٩ඔබ මගේ හොඳ වහලූන් සමග එකතු වී وَٱدۡخُلِي جَنَّتِي ٣٠මගේ ස්වර්ගයෙහිද ඔබ ඇතුළු වනු!” (යයිද පවසනු ඇත)

الترجمة: Naseem Ismail And Masoor Maulana, Kaleel.