ملة الإسلام

السورة 82 · 19 آية · Naseem Ismail And Masoor Maulana, Kaleel

سورة الانفطار باللغة السنهالية

السورة بالعربية مع التفسير استمع إلى سورة الانفطار (1,366 قارئاً)
مكيةسورة الانفطار١٩ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتۡ ١(යුග අවසානයේදී) අහස පුපුරා وَإِذَا ٱلۡكَوَاكِبُ ٱنتَثَرَتۡ ٢තාරකාවන් සී සීකඩ වී وَإِذَا ٱلۡبِحَارُ فُجِّرَتۡ ٣මුහුදු ඉවත් කරනු ලැබ وَإِذَا ٱلۡقُبُورُ بُعۡثِرَتۡ ٤සොහොන්ද විවර කරනු ලැබුවහොත් (මරණයට පත් වූවන්ට පණ ලැබී නැගිට) عَلِمَتۡ نَفۡسٌ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ ٥සෑම ආත්මයක්ම තමන් (ලොවෙහි) පෙර (සිදු කර) එවන ලද දැයද, (ලොවෙහි) තමන් අත්හැර දමා තිබූ දැයද හොඳින් දැන ගනු ඇත يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِيمِ ٦මිනිසාණෙනි! ඔබගේ ගෞරවණීය දෙවියන් ගැන ඔබව රවටා දැමුවේ කිමෙක්ද ٱلَّذِي خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ ٧ඔහුම ඔබව උත්පාදනය කර, උසස් අන්දමට හැඩරුව නිර්මාණය කර, ඉතාමත් නියමිත ආකාරයට සකස් කළේය فِيٓ أَيِّ صُورَةٍ مَّا شَآءَ رَكَّبَكَ ٨ඔහුම තමන් කැමති (ඉතාමත් අලංකාරවත්) හැඩයකින් ඔබව (ඔබගේ අවයවයන්) සවි කළේය كـَلَّا بَلۡ تُكَذِّبُونَ بِٱلدِّينِ ٩එහෙත් (මිනිසුනේ!) ඵලවිපාක දෙන දිනය ඔබම බොරු කරන්නෙහුය وَإِنَّ عَلَيۡكُمۡ لَحَٰفِظِينَ ١٠නියත වශයෙන්ම ඔබ කෙරෙහි ආරක්ෂකයින් පත් කරනු ලැබ ඇත්තේය كِرَامًا كَٰتِبِينَ ١١ඔවුන් (මලායිකාවරුන්ගෙන් වූ) ගෞරවණීය ලියන්නන් දෙදෙනෙකි يَعۡلَمُونَ مَا تَفۡعَلُونَ ١٢ඔබ කරන දැය සියල්ල ඔවුන් (නිවැරදිව) දැන (ලියා) ගන්නාහ إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٍ ١٣එබැවින් නියත වශයෙන්ම හොඳ අය (ස්වර්ගයෙහි) ඉමහත් සතුටු සුවයෙන් සිටිනු ඇත وَإِنَّ ٱلۡفُجَّارَ لَفِي جَحِيمٍ ١٤නියත වශයෙන්ම පාපතරයින් නිරයෙහිම සිටිනු ඇත يَصۡلَوۡنَهَا يَوۡمَ ٱلدِّينِ ١٥ඵලවිපාක දෙන දිනදී එයම ඔවුන් අත්කර ගන්නාහ وَمَا هُمۡ عَنۡهَا بِغَآئِبِينَ ١٦ඔවුන් එයින් සැඟවී (බේරී දිව) යන්නට නොහැක وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ ١٧(නබියේ!) ඵලවිපාක ලබා දෙන එදින කිමෙක්දැයි ඔබ දන්නෙහිද ثُمَّ مَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ ١٨ඵලවිපාක ලබා දෙන එදින කිමෙක්දැයි ඔබට දැනුම් දෙන්නේ කිමෙක්ද يَوۡمَ لَا تَمۡلِكُ نَفۡسٌ لِّنَفۡسٍ شَيۡـًٔاۖ وَٱلۡأَمۡرُ يَوۡمَئِذٍ لِّلَّهِ ١٩එදිනදී කිසියම් ආත්මයක් වෙනත් ආත්මයකට යම්කිසි උදව්වක් කිරීමට ශක්තියක් ලබන්නේ නැත. බලයද එදිනදී සම්පූර්ණයෙන්ම අල්ලාහ්ටම ඇත්තේය

الترجمة: Naseem Ismail And Masoor Maulana, Kaleel.