ملة الإسلام

السورة 86 · 17 آية · Naseem Ismail And Masoor Maulana, Kaleel

سورة الطارق باللغة السنهالية

السورة بالعربية مع التفسير استمع إلى سورة الطارق (1,326 قارئاً)
مكيةسورة الطارق١٧ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ ١අහස මතද, අළුයම් තාරකාව මතද, සත්තකින්ම وَمَآ أَدۡرَىٰكَ مَا ٱلطَّارِقُ ٢(නබියේ!) අළුයම් තාරකාව කිමෙක්දැයි ඔබ දන්නෙහිද ٱلنَّجۡمُ ٱلثَّاقِبُ ٣(එය) ගිණි දැල් විහිදුවන තාරකාවකි إِن كُلُّ نَفۡسٍ لَّمَّا عَلَيۡهَا حَافِظٌ ٤සෑම මිනිසෙකු වෙතම (අප විසින් ඇති කරන ලද) අවධානය කළ හැකි කෙනෙකු නැත්තේ නොවේ فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ مِمَّ خُلِقَ ٥එබැවින් මිනිසා (තමන්) කුමක් නිසා උත්පාදනය කරනු ලැබ ඇත්තේදැයි පොඩියක් අවධානය කර බැලිය යුතුය خُلِقَ مِن مَّآءٍ دَافِقٍ ٦(ඈතට) පනිමින් ඉකුත් වන එක් ජල බිඳක් මගින්ම උත්පාදනය කරනු ලැබුවේය يَخۡرُجُ مِنۢ بَيۡنِ ٱلصُّلۡبِ وَٱلتَّرَآئِبِ ٧එය කොඳු ඇටවලටද, ඉළ ඇටවලටද මධ්‍යයෙන් ඉකුත් වන්නේය إِنَّهُۥ عَلَىٰ رَجۡعِهِۦ لَقَادِرٌ ٨(මෙසේ උත්පාදනය කරනු ලබන) ඔහු, (මොහු මරණයට පත් වූ පසු මොහුට පණ දී) නැවත පණ ගැන්වීමටද, නියත වශයෙන්ම ඔහු බලසම්පන්නයෙකි يَوۡمَ تُبۡلَى ٱلسَّرَآئِرُ ٩කුමන දිනකදී සියලූ ගුප්ත දැයද එළිදරව් වී යන්නේද فَمَا لَهُۥ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ ١٠(එදිනදී) මිනිසාට කිසිම ශක්තියක් ඇත්තේ නැත. උදව් කරන්නන්ද ඇත්තේ නැත وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجۡعِ ١١වර්ෂාව වසිනා අහස මතද وَٱلۡأَرۡضِ ذَاتِ ٱلصَّدۡعِ ١٢(පැළෑටි, ගස්වැල් ආදිය වැඩෙන්නට) පුපුරණ භූමිය මතද إِنَّهُۥ لَقَوۡلٌ فَصۡلٌ ١٣සත්තකින්ම! ඇත්තෙන්ම මෙය (පින් පව් දෙක) වෙන්කර දැන්විය හැකි පොරොන්දුවකි وَمَا هُوَ بِٱلۡهَزۡلِ ١٤මෙය පුහු සමච්චල් (වදනක්) නොව إِنَّهُمۡ يَكِيدُونَ كَيۡدًا ١٥(නබියේ!) නියත වශයෙන්ම ඔවුන් (ඔබට විරුද්ධව) කුමන්ත්‍රණයක් කරන්නාහ وَأَكِيدُ كَيۡدًا ١٦මමද (ඔවුන්ට විරුද්ධව) කුමන්ත්‍රණයක් කරන්නෙමි فَمَهِّلِ ٱلۡكَٰفِرِينَ أَمۡهِلۡهُمۡ رُوَيۡدَۢا ١٧එබැවින් මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට (එතෙක්) ඔබ අවකාශයක් ලබා දෙනු. (අධික වශයෙන් නොව). ඉතාමත් සුළු අවකාශයක් ලබා දෙනු

الترجمة: Naseem Ismail And Masoor Maulana, Kaleel.